සුනන්දෝපනන්දාරාමාධිපති නාහිමියන් ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු කළුතර කැලිඩෝ වෙරළේදී උතුරු කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතය.
දැනට සැකපිට හය දෙනෙක් අත්අඩංගුවේ සිටිති. ඝාතකයන් භාවිත කළ ත්‍රිරෝද රිය කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල තිබියදී සොයා ගෙන ඇත.
අත්අඩංගුවේ සිටින තිදෙනකු ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු දනිතියි පොලීසිය කියයි.
සැකකරුවන් ඝාතනය සඳහා ගෙන ආ පිහි හිමියන්ගේ සිවුරේ ඔතා ගෙන ගොස් පානදුර පාලම අසලින් බෙල්ගොඩ ගගට වීසි කර ඇතැයි හෙලිවී ඇත.
බණ්ඩාරගමදී මරා දැමූ සැකකරුවකුගේ පුතකුද කැලිඩෝ වෙරළේදී අත්අඩංගුවට පත් අය අතර සිටී.
අත්අඩංගුවට පත්වූවන් අතර අවුරුදු 17-18 වයසේ දෙදෙනෙක් ද සිටිති.